si.m.wikipedia.org
අන්තර්ජාලය

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.
ලෝකය පුරා විසිරි ඇති පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති අයුරු පෙන්වන සිතියමක්
පද වෙනස්කම්: අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන
මූලික ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමන
අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව හා පහත දක්වා ඇති දැ ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි.
අන්තර්ජාලයෙන් බහුලව ලබාගන්නා සේවාවන්
විද්‍යුත් තැපෑල
මූලික ලිපිය: විද්‍යුත් තැපෑල
පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර වද්‍යුත‍‍් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලො‌වව්‍යාප්ත ජාලය හි ඇත මෙනිසා මේ සදහා වැය ව්අන්නේ අන්තර්ජාල සදහා වැය වන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී හා ඉක්මන් සන්නිවේදන ක්‍රමයකි.
විශ්ව ව්‍යාප්ත වියමන(විශ්ව විසිරි වියමන)
මූලික ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමන
විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි.
සමාජයීය බලපෑම්
අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත.
“ෆේස් බුක්” (face book) හා “මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයන්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත.
විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ.
අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය
ලෝක ව්‍යාප්ත විසිරි වියමෙන හි (www) වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් අතරික්සුවක (web browser) අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.
ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.
ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය.
වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ.
බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු “වෙබය” ක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (www) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය.
අන්තර්ජාලයේ ඉතිහාසය
අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූ අතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය. 1960 කාල වකවානුවේ දී ජේ.සී.ආර්. ලික්ලීඩර් හා රොබට් ඩබ්. ටේලර් නැමැති පරිගණක පර්යේෂකයන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා එකිනෙක හා සබැඳුනු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කළහ. ඒ හා සමාකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩ සටහන් ද ආරම්භ කෙරිනි. මෙය පැකැට්ටු හුවමාරු (Packet switching) ක්‍රමයේ වර්ධනයට හේතුවේ. මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඩ් ඩේවිස් (Donald Davies (NPL) පෝල් බැරන් (Paul Baran (RAND සංස්තාව) හා ලෙනාර්ඩ් ක්ලේයින් රොන් (Leonard Kleinrock ) (MIT) යන පර්යේෂකයින් සහය ලබා දී ඇත. මෙය 1960 හා 1970 අග භාගයේ දී ARPANET, සහ X.25 ඇතුලුව පැකට්ටු හුවමාරු ජාලකරණ කිහිපයක දියුණුවට මඟ හසර හෙළි කළේය. ඊට අමතරව UUCP ඇතුළුව පොදු ප්‍රවේශ හා විනෝදාංශ ජාලකරණ පද්ධති ජනප්‍රියත්වයෙන් ඉහල යාමට විය. කෙසේ නමුත් තවමත් ඒවා ජාල අතර ඇති සීමිත වාහල් සංඛ්‍යාවකින් සේවා ලබා එකිනෙකින් වෙන් වූ ජාල වෙයි. මෙය පැකට්ටු හුවමාරු යෙදුම මඟින් අන්තර්ජාලකරණයට ප්‍රෝටෝකෝලයක් නිපදවීමට මග පෑදීය. එමඟින් එකිනෙකට වෙනස් ජාල සුපිරි සැකිලි ජාලයන් බවට පත් කිරීමට හැකි විය. අන්තර්ජාල ප්‍රෝටෝකෝල කට්ටලය නැමැති සරල පොදු ජාල පද්ධතියක් අර්ථ දැක්වීමෙන් ජාලයේ සංකල්පය වැනි භෞතික ක්‍රියා පිළිවෙලින් වෙන් කල හැකි විය. අන්තර්ජාලකරණයේ මෙම ව්‍යාප්තිය අන්තර්ජාලය ලෙස හඳුන්වන විශ්වීය අන්තර් ජාල කරණයක අදහස ඇතිකරලීය. මෙය ඉතා වේගයෙන් පැතිරුණු අතර පවතින ජාල මෙයට උචිත ලෙස පරිවර්තනය විය. මෙය බටහිර ලෝකයේ දියුණු විදුලි සංදේශ ජාල හරහා වේගයෙන් පැතිරුණූ අතර ඇත්ත වශයෙන්ම එය ලෝක සම්මතය හා විශ්ව ජාලය බවට පත් වු විට ලෝකයේ අනෙක් කොටස්වලට ද ව්‍යාප්ත විය. කෙසේ නමුත් වර්ධනයේ විෂමතාව අදටත් සැලකිල්ලට බඳුන්වන සංඛ්‍යාත බෙදුමකට හේතු විය. 1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වා දීම 1990 දී ජනප්‍රිය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාලය සංස්කෘතිය හා වාණිජය මත දැඩි බලපෑමක් ඇති ‍කළේය. මෙයට විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය දියුණු වීම, වදන් මත පදනම් වූ සාකච්ඡා (වර්ල්ඩ් වයිඩ් වෙබ්) ලෝක ව්‍යාප්ත ජාලය ආදිය ඇතුළත් වේ. මෙම නව හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට නව වෙළඳ පොළවල් කෙරෙහි ඇති කල කල්පිත විශාල වෙළඳ පොළ බිඳ වැටීමත් වූ ඩොට් - කොම් බබ්ල් හි උද්ධමනයට හා බිඳ වැටීමට හේතු විය. එසේ තිබිය දීත් අන්තර්ජාලයේ වර්ධනය දිගින් දිගටම සිදු වූ අතර අදටත් සිදුවෙයි.
පරිගණනයේ ඉතිහාසය
1960 ට ප්‍රථම දෘඪාංග
දෘඪාංග 1960 ගණන් වල සිය වර්තමානයට
සෝවියට් කාණ්ඩ‍ රටවල් වල පරිගණක දෘඪාංග
කෘත්‍රිම බුද්ධිය
පරිගණක විද්‍යාව
ක්‍රියාකාරි පද්ධතීන්
ක්‍රමලේඛන භාෂාවන්
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව
චිත්‍රක පරිහීලක අතුරු මුහුණත
අන්තර්ජාලය
පෞද්ගලික පරිගණක
ලැප්ටොප්
වීඩියෝ ක්‍රීඩා
විශ්ව විසිරි වියමන
පරිගණනයේ කාල රේඛාව
2400 ක්‍රිපූ–1949
1950–1979
1980–1989
1990–1999
2000–2009
තවත් කාලරේඛාවන්...
තවත්...
මේවාත් බලන්න
බාහිර සබැඳුම්
මූලික
ලිපි
ඉතිහාසය
Last edited on 26 මැයි 2021, at 15:20
අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 3.0 යටතේ ඇත.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
භාවිතයේ නියම
වැඩතලය
මුල් පිටුවඅහඹුඅවටපිවිසෙන්නසැකසුම්පරිත්‍යාගවිකිපීඩියා පිළිබඳවියාචනයන්
භාෂාවමුර කරන්නසංස්කරණය