පියදාස සිරිසේන මහතා සංස්කරණය

සිංහල ජාතිය අභාවයට යාමට වළක්වා ගැනීමට කටයුතු සිදු කළ දේශප්‍රේමියෝ අප රටේ බොහෝ සිටිති.පිය දාස සිරිසේන එයින් එක් අයෙකි.මෙතුමාගේ උපත සිදු වූ සමයේ සිංහල සංස්කෘතිය අභාවයට යමින් පැවතිණි.ඒ කාලය ශ්‍රී ලංකාව නැමැති කුඩා එනමුත් සුන්දර දිවයින, බලවත් එමෙන් ම උපායශීලි බ්‍රිතාන්‍යවරු නොහොත් ඉංග්‍රීසි ජාතිකයෝ යටතට පත්ව තිබුණි.1875 අගෝස්තු 31 දින දොච්චො හාමිනේ හා වරුණියගොඩ ගමගේ එමානිස් අප්පුට දාව උපන් මේ පින්වත් කුමාරයාගේ නාමය වූයේ පේද්‍රික් සිල්වා ය.මෙතුමා ඉගෙන ගත් පාසල වන්නේ වරාහේන ස්වභාෂා පාඨශාලාවයි.මෙතුමාට ව්‍යාකරණ සහිතව සිංහල ඉගැන්වූයේ ඉදුරුවේ පී.එස් ද සිල්වා මහතා විසිනි.ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ බෙන්තොට ලංසි පල්ලියෙන් හා අලුත්ගම බ්‍රෝහියර් පාසලෙනි.එමෙන්ම බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ එකළ යාලේ ජයසුමනාරාමාධිපතිව වැඩ සිටි සිරි සුමනතිස්ස හිමියන්ගෙනි.අනගාරික ධර්මපාල තුමා ගම් නියම් ගම් සැරි සරමින් යන කළ ඉදුරුවේ පිරිමි පාසලට ද පැමිණියේ ය.එවිට කුඩා පේද්‍රික් සිල්වා දරුවා අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් කවි පන්තියක් සාදා ගායනා කළේය.ධර්මපාල තුමා නම ඇසූ කල ඔහු දුන් පිළිතුර පේද්‍රික් සිල්වා විය.විදේශිය පන්නයට තිබූ එම නාමය එවේලෙම වෙනස් කොට “ අද පටන් නුඹේ නම පියදාස සිරිසේන ” මෙතුමා තම අධ්‍යාපනය අවසන් කොට “ සිතුමිණ”සගරාවට උප කතුවරයෙකු ලෙස කවි පබදින්නට ගියේය.ඉන් පසුව මෙතුමා ලී බඩු සාප්පුවක ලිපිකරු රැකියාවක් කළේය.අනගාරික ධර්මපාලතුමාග් සරසවි සදරැස පුවත්පතට ද ලිපි ලීවේ ය.ඉන් පසුව එතුමා “සිංහල ජාතිය” නමින් සගරාවක් ඇරඹුවේය.නමුත් අප රටේ ඒ වන විට පැවති කෲර පාලනය පියදාස සිරිසේ මහතා සහ තවත් සිංහල නායකයන් කිහිප දෙනෙතු අත්අඩංගුවට ගත්තේය.ඒ සිංහල - මුස්ලිම් කෝලාහල සම‍යේදීය.මේ නිර්භීත නායකයා අත්අඩංගුවේ සිටින කාලය අතරතුර දිත් මෙතුමා සිංහල බෞද්ධයා වෙනුවෙන් පොතක් ලීවේය. ඒ අෂ්ටලෝක ධර්මචක්‍රය යන ග්‍රන්ථයයි.මෙතුමා 1906 – 19 46 වසර හතළිහ තුළ ලංකාවේ සිටි හොදම සහ ජනප්‍රියම සාහිත්‍යකරුවා වූවේය.සරලව කියතොත්මෙතුමා ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා, මාර්ටිං වික්‍රමසිංහ වැනි සාහිත්‍යකරුවන්ට වඩා ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටියේය. මෙතුමා ජනකතාවලට හා බණ කතාවට හුරු වී සිටි ලාංකික පාඨකයා වෙනුවෙන් නව ලොවක් තනා දුන්නේය.ඔහු තනා දුන්නේ නවකතාව නම් ලොයි.මෙතුමා පුවත්පත් කතුවරයෙකු,අමද්‍යප ව්‍යපාරයේ පුරෝගාමියෙකු,කවියෙකු ලේඛකයෙකු,දේශකයෙකු මෙන්ම දේශප්‍රේමියෙකු විලසින් රටට ‍සේවය කළේය.මෙතුමා ගේ සුරතින් ලියවුණු නවකතා පොත් විස්සකි.එයින් කිහිපයක් මෙලෙසින් සදහන් වෙයි. මෙතුමා “ජයතිස්ස හා රොසලින් නොහෙත් වාසනාවන්ත විවාහය,අපට වෙච්ච දේ ,මහා වියවුල,තරුණියකගේ ප්‍රේමය ,යන්තම් ගැලවුණා ,සුචරිතාදර්ශය ,අන්තිම කැමැත්ත ,පසන් නිවස,පරිවර්තනය,ඩිංගිරි මැණිකා ,වලව්වක පලහිලව්ව ,ශ්‍රී ලංකා මාතා, පලමුවන පාසල,ඩෙබර කෙල්ල”වැනි ප්‍රබන්ධ හා නවකතා රචනා කළේය. ජයතිස්ස හා රොසලින් නොහොත් වාසනාවන්ත විවාහය යනු එතුමාගේ ප්‍රථම කෘතියයි.එම පුස්තකය ප්‍රකාශනයට පත්කොට පළමු වසර 10 තුළ පිටපත් 25,000ක් පමණ පිටපත් කිරීමට සිදු වූ බව පැවසෙයි. මෙතුමා ඇදුම කරගත්තේ ටුවිට් රෙද්ද සමග සුදු කබාය හා ඇල්ෆ්‍රඩ් නම් හිස්වැසුමයි.බ්‍රිතාන්‍ය පාලන සමයේදි බුද්ධාගමත්,පාරම්පරික කුල සිරිත් ඉවත දමා බිහිවුණු සමාජයට විරුද්ධව ඇරඹූ මහා සංස්කෘතික සංග්‍රාමයට ඔහුගේ පෑනේ වෙහෙස අනගාරික ධර්මපාල තුමා,වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි ශ්‍රේෂ්ට නායකයන් හා එක් වුණි.එදා සිංහල සමාජයට සිදුව තිබූ විපත පිළිබදව එතුමා මහා වියවුල නමැති පොතේ සදහන් කර තිබුණේ පහත අයුරිනි.

ඇඳ රෙදි පෙරදි ඔහොරිය කමිස විගස ට‍ පෙරලෙති කලිසමට සහ සාය ගවොම ට වැඩ නැති වට්ටි තොප්පිය ගනිති ඔලුව ට දඟලති ඉතින් කැරපොතු වෙන්ට විගස ට


කනවා ගෙරි මසුත් හැම් බේකන්ද ගෙ න බොනවා ජින් බ්‍රැන්ඩි සහ විස්කි අපම ණ යනවා අලුත් තාලෙට ලංසි වෙන මෙ න මොනවා අපට අඩුපාඩුද බල ඉති න

මෙතුමා ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් මෙන් ම පෑන අවිය කොට ගත් උතුම් පුරවැසියෙකි.මෙතුමා තමන් විසින් රචිත ග්‍රන්ථයක් වන ජයතිස්ස හා රොසලින් ග්‍රන්ථයේ දී පර සුද්දාගේ හොද දෑ ගත්තාට කම් නැත.නමුදු තම ආගම දහම අමතක කොට ගැනීම වැරදි බව සදහන් කර ඇත.ඒ පාඨය පහත පරිදි එම පොතේ දක්වා ඇත. “යුරෝපීයා හෝ යකාගේ හෝ යහපතක් ති‍බේ නම්, එය ගත්තාට වැරැදි නැහැ. නමුත් පෙරාපු රත්තරන් වැනි අපේ උතුම් සිරිත් අත්හැර, මළබැඳි යකඩ වැනි යුරෝපීයන්ගේ වල් සිරිත් සියල්ලක්ම ගැනීමට අප ජාතිය සැරසී සිටීම නින්දාවකි.” එදා මෙරට සමාජය පෙලූ බේබදුකම, අධිපතිවාදය, දෑවැද්ද වැනි ව්‍යසනද ඔහුගේ විවේචනයට ලක් විය. සුරාවට හා බේබදුකමට විරුද්ධව ඔහු තරම් ලියූ කෙනෙකු එදා නොවීය. මේ ඔහුගේ ප්‍රසිද්ධ කවියකි.

හැට ලස්සයක් හොඳ රුපියල් ගැණ දී ලා සිය ලස්සයක් ගැලුමෙන් මැන ගෙන්වා ලා බොන්නේ රට සුරා සිංහල අයියා ලා ලාදුරු ලබාගැන්මක් වැනි පොලි දී ලා (මහා වියවුල) බේබදුකම නිසා වැනසෙන පවුල් ගැන ඔහු ලීවේ අනුකම්පාවෙනි. සැමියාගේ බේබදුකම ගැන ලතවන බිරියකගේ ශෝකාලාපය, ඔහු මෙසේ සානුකම්පිතව ඉදිරිපත් කරයි.

ටික ටික තමයි බිව්වේ මහිමි සඳ සුරා ටික ටික දවස දවසින් වැඩිවුනයි සුරා ටික ටික රැකුම් මගහැරුණා නිසා සුරා ටික ටික දිළිඳු බව අප හට දුනිය සුරා

පමණ නැත අනේ මා කෑ ගුටි ඇනිලි පමණ නැත හිසේ හැලු උණු හොදි ඇතිලි පමණ නැත විඳපු දුක ඇඳි රෙදි වැරලි පමණ නැත කියන්නට මා මුව සියලි

මෙතුමා අතිනත ගත්තේ මහබැත්මගේ දෝන සිසිලියා පෙරේරා නම් වූ කාන්තාව සමගය.මෙතුමාට දාව දූවරු පස්දෙනෙකුත් පුත්‍රයන් පස් දෙනෙකුත් ඉපදුණෝය.මේ මහා කතුවරයා හට තම රටේ නිදහසේ සුසුමක් හෙළන්නට නොහැකි වුණි.ඒ මෙතුමා නිදහස ලබා ගැනීමට වසර දෙකකට ආසන්න කාලයක් තිබියදී නොහොත් 1946.05.22 වන දින කොළඹ සෙන්ට්‍රල් ආරෝග්‍ය ශාලාවේදී මිය ගියේය.මෙවන් ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබද කතා කිරීමේදී සියුම් ආඩම්බරයක් හදවත තුළ ජනිත වනවා නොඅනුමානය.


                                                                          -   මේදිනි විහංගා නන්දසිරි
                                                                                       9 වසර
                                                                              සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය 2017 සංස්කරණය

ඉහත තරගය නිමවී දැන් අවුරුදු හතරකට කිට්ටු වන බැවින් එයට නම් එක් කිරීමෙන් වලකින්න. ---- Shwetha (talk) 04:26, 29 අගෝස්තු 2021 (යූටීසී)Reply