si.m.wikipedia.org
විකි
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.
විකියක් යනු, විකි නම් මෘදුකාංගය භාවිතා කරගෙන නිර්මාණය කරණු ලබන වෙබ් අඩවියකි. මෙමගින් වෙබ් බ්‍රවුසරය තුළ ඉතා පහසුවෙන් WYSIWYG පෙළ සකසුවක හෝ මාර්ක්අප් භාෂාවක් උපයෝගී කරගෙන වෙබ් පිටු තැනීම, සංස්කරණය කිරීමේ හැකියාව සහ පිටු අතර සබැඳිමේ හැකියාවක් ඇත.විකි බොහෝ විට භාවිතා කරනුයේ සහයෝගීව වෙබ් අඩවි නිර්මාණය කිරීමට සහ ප්‍රජා වෙබ් අඩවි බලාත්මක කිරීමටය.​විකිපීඩියා විශ්වකෝෂය යනු එවැනි සහයෝගීව නිර්මාණය වන වඩාත්ම ප්‍රචලිත විකියක්ය.තවද ව්‍යාපාරමය කටයුතු වලදී දැනුම් කළමණාකරණ පද්ධතියක් (knowledge management systems) ලෙසත් ඉන්ට්‍රානෙට් (intranet) පහසුකමක් ලෙසද විකී භාවිතා කරයි.විකි මෘදුකාංගයේ ප්‍රථම නිමැවුම් කරුව වන්නේ වර්ඩ් කනින්හම් (Ward Cunningham) නැමැත්තාය.
ගුණාංග
වෝඩ් කනිංහැම් සහ තවත් සමකර්තෘවරයෙකු වන Bo Leuf සිය The Wiki Way: Quick Collaboration on the Web නැමති පොතේ විකි සංකල්පයේ මූලික ස්වභාවය පහත පරිදි විස්තර කර ඇත.
විකියක් සිය සංස්කාරක ප්‍රජාවට සාමූහික ව ලේඛනයේ යෙදීමට අවස්ථාව සලසා දෙයි. ඒ සදහා පරිගණකයක්, අන්තර්ජාල සබදතාවක්, එච්. ටී. එම්. එල්. වලට සමාන සරළ සළකුණු භාෂාවක් පිළිබද ව මූලික අවබෝධයක් තිබීම පමණක් සෑහෙයි. විකියක ඇති තනි පිටුවක් විකි පිටුවක් යනුවෙන් හැදින්වෙන අතර විකිය යනුවෙන් හැදින්වෙන්නේ අධිසන්ධාන වලින් සබැදුණු සමස්ත පිටු එකතුවයි. විකියක් යනු ඇත්ත වශයෙන් ම පිටු සැකසීමට, කියැවීමට, තොරතුරු සෙවුම් කිරීමට හැකි පිණිස නිමැවුණු දත්ත පාදකයකි. විකියක් ඒකරේඛීය නොවූ සංකීර්ණ, පරිණාමය වෙමින් පවතින, ජාලගත තොරතුරු සංග්‍රහයක් සපයන අතර එහි දී තොරතුරු සහ හැඩසවීම සම්බන්ධයෙන් සංස්කාරකවරුන්ට සංවාදයේ නිරත වෙමින් ප්‍රජාවක් ලෙස කටයුතු කිරීමටද ඉඩ සලසයි.
විකි ක්‍රමවේදයේ අනන්‍ය ලක්ෂණය වන්නේ පිටු සැකසීමට සහ යාවත්කාලීන කිරීමට ඇති විවෘත ඉඩ හසර යි. බොහෝවිට වෙබ් අඩවියට සිදුකරන වෙනස්කම් කිසිදු මණ්ඩලයකගේ පරීක්ෂාවට ලක් වීමෙන් තොර ව එසැණින් දිස් වේ. බොහෝ විකි ගිණුමක් රහිත ව වුව පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට වෙනස්කම් කිරීමට ඉඩකඩ ලබා දේ. මේ තත්ත්වය විසින් ඇතැම්විට විකි අඩවි අනිසි සංස්කරණවලට ලක්වීමටද ඉඩ සලසා දී ඇත.
Last edited on 11 මැයි 2018, at 01:28
අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 3.0 යටතේ ඇත.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
භාවිතයේ නියම
වැඩතලය
මුල් පිටුවඅහඹුඅවටපිවිසෙන්නසැකසුම්පරිත්‍යාගවිකිපීඩියා පිළිබඳවියාචනයන්
භාෂාවමුර කරන්නසංස්කරණය