si.m.wikipedia.org
විකිපීඩියා
නොමිලේ ලැබෙන සැමටම සංස්කරණය කල හැකි අන්තර්ජාල විශ්වකෝශය
[6]මානව ක්‍රියාකාරකම් හා ස්බාව්ක ආපද
විකිපීඩියා විශ්වකෝශය


විකිපීඩියාවේ ලාංඡනය, ලේඛන ක්‍රම කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස, W යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන, කැටරූ විදහා දක්වන ගෝලයකි.
Screenshot 

ඉංග්‍රීසි විකිපීඩියාවේ මුල් පිටුව
URLwikipedia.org
උද්‍යෝග පාඨයද ෆ්‍රී එන්සයික්ලෝෆීඩියා දැට් එනිවන් කැන් එඩිට්
වාණිජ?නැත
අඩවි වර්ගයඅන්තර්ජාල විශ්වකෝෂය
ලියාපදිංචියබෙහෙවින් වෛකල්පික [notes 1]
අඩංගුභාෂා(ව)287 අනුවාද[1]
අන්තර්ගත වරපතසීසී ඇට්‍රිබියුෂන් / ෂෙයාර්-අලයික් 3.0
බොහෝ පෙළ, GFDL යටතේ ද්විත්ව-වරපත් දරයි; මාධ්‍ය වරපත්කරණය වෙනස් වෙයි.
අයිතිකරුවිකිමාධ්‍ය පදනම
නිර්මාණය කරනලද්දේජිමී වේල්ස්, ලැරී සැන්ගර්[2]
ඇරඹූයේජනවාරි 15, 2001
Alexa rank7[3]
හෝ 6[4]
[5] (මාර්තු 2015)
දැනට තත්‍වයසක්‍රීය
විකිපීඩියා (​/​En-uk-Wikipedia.ogg​ˌ​w​ɪ​k​ɪ​ˈ​p​iː​d​i​.​ə​/ or /​en-us-Wikipedia.ogg​ˌ​w​ɪ​k​i​ˈ​p​iː​d​i​.​ə​/ WIK-i-PEE-dee-ə) යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස්​විශ්වකෝෂයකි​. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හෝ අදාල ස්මාට් දුරකතන මෘදුකාංග භාවිතයෙන් සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. 2001 ජනවාරි 15 දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන Nupediaව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ ලාහ-නොපතන ආයතනයක් වන විකිමීඩියා පදනම මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි, [1] ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත් සහෝදර ව්‍යාපෘති ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය
විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්, ජනමාධ්‍ය හා විද්වත් ප්‍රජාව විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව මූලාශ සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය​. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව​, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි.
භාෂා 200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය​. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්: ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, පෝලන්ත​, ඉතාලි, ස්වීඩන්, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ හා චීන ය​.)
සුවිශේෂ ලක්ෂණ
ව්‍යාපෘතියේ විශාලත ම භාෂා සංස්කරණයන් පෙන්වන​, විකීපිඩියාවේ බහු භාෂා පිවිසුම​ http://www.wikipedia.org.
"සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය" යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි.
"පෘථිවිය මත ජීවත් වන සෑම අයෙකුට ම ස්ව භාෂාවෙන්, ලබා ගත හැකිත්, දායක විය හැකිත්, හැකි උපරිමයෙන් උසස් බවින් යුතු වූත් නිදහස් විශ්වකෝෂයක් නිර්මාණය කිරීම හා බෙදා හැරීම"[2] යනු වශයෙන්, මෙම විශ්වකෝෂ ව්‍යාපෘතියේ ආරම්භකයා වන ජිමී වේල්ස් (Jimmy Wales) ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කරයි. විකිපීඩියාව බ්‍රිටැනිකාව තරමට හෝ ඊට්ත් වඩා ගුණාත්මක බවින් දියුණු කොට මුද්‍රණයෙන් එළි දැක්වීම ජිමී වේල්ස් ගේ අභිප්‍රාය යි.
විකිපීඩියාව wikipedia.org යන වෙබ් අඩවිය තුළ " විකි" (wiki) නම් මෘදුකාංග වර්ගයක් උපයෝගි කර ගනිමින් වර්ධනය කරනු ලැබේ. මෙම විකි යන යෙදුම භාවිත වූයේ විකිවිකිවෙබ් (WikiWikiWeb) යන්න සඳහා ය​. විකි විකි යනු "ඉක්මන්" යන අරුත දෙන හවායි වදනකි.
වෙනත් අන්තර්ජාල විශ්වකෝෂ ව්‍යාපෘති කිහිපයක් ද පවති. ඇතැම් ඒවා මේ වන විට අක්‍රීයව පවති. මෙම ඇතැම් ව්‍යාපෘති, සංස්කරණ හා හිමිකම් පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබයි. විශේෂඥයන් විසින් ලියනු ලබන දර්ශනය ගැන ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂය (Stanford Encyclopedia of Philosophy) හා දැනට​ අක්‍රීයව පවතින න්‍යුපීඩියාව (Nupedia) එවැන්නන් ය​. තනි පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ලිපි වලින් සමන්විත h2g2, Everything2 වැනි වෙබ් අඩවි අවධිමත් ලෙස, තොරතුරු සොයන්නන්ට මග පෙන්වයි. විකිපීඩියාව​, Susning.nu, එන්සික්ලොපීඩියා ලිබ්‍රෙ (Enciclopedia Libre) විකි විශ්වකෝෂ ව්‍යාපෘති වන අතර කතුවරු විශාල ගණනක් එහි අන්තර්ගතයන් සම්පාදනය කරති; සංවර්ධනය කරති. ඒවා සංශෝධනය කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයක් නැත​. ලිපි ගණන අතිනුත්, අන්තර්ගත වචන සංඛ්‍යාව අතිනුත්, විකි විශ්වකෝෂ අතර පෙරමුණ ගැනීමට විකිපීඩියාව සමත්ව ඇත​. අනෙක් බොහෝ විශ්වකෝෂ මෙන් නොව, විකිපීඩියාව එහි අන්තර්ගතය GNU නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ බලපත්‍ර ගත කොට ඇත​.
අන්තර්ගත කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් විකිපීඩියාව සතුව ප්‍රතිපත්ති පද්ධතියක් ඇත​. අන්තර්ගතයන් එකතු කළ යුතු ද​; ප්‍රතිශෝධනය කළ යුතු ද​; සහෝදර ව්‍යාපෘතියකට බැර කළ යුතු ද​; නැතිනම් ඉවත් කළ යුතු ද​, යනුවෙන් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු විට මෙම ප්‍රතිපත්ති උපුටා දක්වනු දැක ගත හැකි ය​.

නිදහස් අන්තර්ගතය
හිමිකම් පැවරූ හිමිකම් බලපත්‍රයක් වන GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ (GNU Free Documentation License), විකිපීඩියා ලිපි ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. මෙම බලපත්‍රය මගින් යම් නිර්මාණයක් නැවත බෙදා හැරීමට, එයට වෙනස් කම් කිරීමට, හා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර දෙන අතර, එහි දී මුල් කතුවරයා සඳහන් කළ යුතු වේ. එම නැවත භාවිතාවන් ද GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිකුත් කළ යුතු ය​. විකිපීඩියා ව්‍යාපෘතියට බැර කරන අන්තර්ගතයන් GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිදහස් වන අතර හිමිකම් මුල් කතුවරයා සතුව ම පවතී. විකිපීඩියාවේ සෑම ලිපියක ම පෙළ GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නැවත භාවිතාවන්ට නිදහස් ය​. නමුත් සැලකිය යුතු තරමේ ඡායාරූප හා හඬ පට ප්‍රමාණයක් නිදහස් ඒවා නොවේ. ආයතනික ලාංඡන, ගීත සාම්පල​, හිමිකම් සහිත ප්‍රවෘත්ති ඡායාරූප වැනි දෑ යහ භාවිතාවන් උදෙසා භාවිත කිරීමේ හිමිකම සහිතව විකිපීඩියාව තුළ නැවත භාවිතා කරනු ලැබේ. අතැම් මාධ්‍ය, විකිපීඩියාව තුළ පමණි හා අන්තර්ගතය වෙනස් නො කොට යුතු ය​ යන කොන් දේසි යටතේ විකිපීඩියාවට ලබා දී ඇත​.[3] කෙසේ නමුත් ඇතැම් විකිපීඩියා සංස්කරණයන් සඳහා වලංගු වන්නේ නිදහස් මාධ්‍ය පමණි.
මාධ්‍ය​, විද්වත්හු, හා සෙසු අය විකිපීඩියාව මූලාශයක් වශයෙන් හා අතිරේක කියවීමක් වශයෙන් භාවිතා කරති. ප්‍රවෘත්ති ආයතන ඇතැම් විටක තමන් ගේ මූලාශ්‍රයක් වශයෙන් විකිපීඩියා ලිපි සඳහන් කරති.[4] විකිපීඩියාවේ සංස්කාරකවරුන් පවත්වාගෙන යන ලයිස්තු වලට අනුව, ප්‍රවෘත්ති මාධ්‍ය නිතර ම පාහේ විකිපීඩියා ලිපි උපුටා දක්වා ඇත​.[5] ඉතා කලාතුරකින් විකිපීඩියා ලිපි ශාස්ත්‍රීය කටයුතු, ග්‍රන්ථ කටයුතු, සම්මන්ත්‍රණ, හා අධිකරණ කටයුතු සඳහා භාවිතා කොට තිබේ. කැනඩා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය C-38 පනතෙහිවැඩිදුර කියවීම් ලයිස්තුවට සම ලිංගික විවාහ සම්බන්ධයෙන් වන විකිපීඩියා ලිපිය අන්තර්ගත කොට තිබීම නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය​.[6] විකිපීඩියාව හා සම්බන්ධ මෙවැනි භාවිතාවන් ගැන අසම්පූර්ණ ලයිස්තු විකිපීඩියානුවෝ පවත්වා ගෙන යති.[7]
විවිධ හාෂාමය සංස්කරණ
ප්‍රධාන භාෂා කිහිපයක, විකිපීඩියා සංස්කරණයන් ගේ වර්ධනය(වසරට එරෙහිව ලිපි ප්‍රමාණය​)
2005 මාර්තු වන විට විකිපීඩියාව "ක්‍රියාකාරී" භාෂා සංස්කරණයන් 119 කින් සමන්විත කවයක් සාදයි.[8] එහි විශාලත ම සංස්කරණයන් පහ අවරෝහණය වන පිළිවෙළින්, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, හා පෝලන්ත​ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල, මිලියන 2.6 ක් පමණ වන සමස්ථ ලිපි සංඛ්‍යාවකින් යුත්, වෙනස් තත්ත්ව යටතේ ඇති භාෂා සංස්කරණයන් 205 කින් විකිපීඩියාව සමන්විත වේ.[9]
භාෂා සංස්කරණයන් එකිනෙකාගෙන් ස්වායක්ත ය​. එක් සංස්කරණයක අන්තර්ගතය අනෙක් සංස්කරණයන් හා බැඳී නො පවතින අතර​, සියල්ලෝ ම "මධ්‍යස්ථ දර්ශනය" අනුගමනය කරති. නමුත් ලිපි, පරිවර්ථනය කරන්න ඉල්ලීම් මගිනුත්, ඡායාරූප, විකිමීඩියා නිදහස් මාධ්‍ය ගබඩාව මගිනුත්, භාෂා සංස්කරණයන් අතරේ බෙදා හදා ගනු ලැබේ. එහෙත් ඕනෑ ම භාෂා සංස්කරණයක පවතින පරිවර්තිත ලිපි සංඛ්‍යාව එහි පවතින සම්පූර්ණ ලිපි සංඛ්‍යාවෙන් අල්ප ප්‍රමාණයක් බව සඳහන් කිරීම වටී.[10]
විකිපීඩියාව සතු වන භාෂා සංස්කරණයන් ගේ පරාසය​: විකිපීඩියා හීබෲ භාෂා සංස්කරණය.
සංස්කරණය
සියලු ගමිකයන්හට පාහේ විකිපීඩියා ලිපි සංස්කරණය කිරීමේ හැකියාව ඇති අතර, ලේඛනගත පරිශීලකයන් හට නව ලිපි තැනීම හා ඒවායේ වෙනස්තම් ක්ෂණයකින් ප්‍රදර්ශනය කරවීම සිදු කල හැක. විවෘත-මූලාශ්‍ර මෘදුකාංග ප්‍රවර්ධනය වන ආකාරයටම, පරිශීලකයන් අතර සහයෝගීත්වය අනුසාරයෙන් ලිපි වල තත්ත්වය දිනෙන් දින දියුණුව සිදුවේ යැයි යන අපේක්ෂාවෙන් විකිපීඩියාව පදනම්ව ඇත.
ලබාගතහැකි මාධ්‍ය
සංයුක්ත සහ අංකිත වීඩියෝ තැටි මගින්ද විකිපීඩි‍යා තොරතුරු ලබාගත හැක.
ඉතිහාසය
මූලික ලිපිය: විකිපීඩියාවේ ඉතිහාසය
න්‍යුපීඩියාවෙන් ඇරඹි විකිපීඩියාව​.
විකීපීඩියාව ආරම්භ කරන ලද්දේ නූපීඩියා වෙහි අනුපූරකයක් වශයෙනි, එය නිදහස් මාර්ගගත  විශ්වකෝෂ ව්‍යාපෘතියක්  වන අතර විදිමත් ක්‍රම මගින් එහි ලිපි ලියන ලද්දේ ප්‍රවීණයන් විසිනි.
මෘදුකාංග සහ දෘඪාංග
සොයුරු ව්‍යාපෘති
විකල්ප අක්ෂර ක්‍රමයන්
මේවාත් සුදුසුදැයි බලන්න
== ග්‍රන්ථ == කලුවා මාරපන් ගියා වගේ
වැඩිදුර අධයයනය
බාහිර පරිශීලක
මූලාශ්‍ර
සටහන්
ආරක්ෂිත පිටු සංස්කරණය කිරීම, ඉංග්‍රීසි විකිපීඩියාවේ පිටු තැනීම සහ, ගොනු උඩුගතකිරීම වැනි සමහරක් කර්තව්‍යයන් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වෙයි.
  1. කිස්, ජෙමයිමා; ගිබ්ස්, සැමුවෙල් (අගෝස්තු 6, 2014). "විකිපීඩියා බොස් ලීලා ට්‍රීචිකොෆ්: 'ග්ලාස්නොස්ට් ටෝට් මී මච් අබවුට් ෆ්‍රීඩම් ඔෆ් ඉන්ෆර්මේෂන්". ද ගාඩියන්. http://www.theguardian.com/technology/2014/aug/06/wikipedia-lila-tretikov-glasnost-freedom-of-information​. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 21, 2014.
  2. Sidener, Jonathan (December 6, 2004). "Everyone's Encyclopedia". U-T San Diego. Archived from the original on January 14, 2016. Retrieved October 15, 2006. Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  3. "How popular is wikipedia.org?". Alexa Internet. May 22, 2016. Retrieved September 4, 2016.
  4. "How popular is wikipedia.org?". Alexa Internet. May 22, 2016. Retrieved September 4, 2016.
  5. http://www.alexa.com/topsites
  6. අප ජීවත්වන පෘථිවි තලයේ පාලකයන් ලෙස ඒ අභියෝගය දිනාගෙන ඇත්තේ ඈත අතීතයේ සිටම මිනිසා වන අප විසිනි. එය අප කිසිදු තර්කයකින් තොරව පිළිගන්නා කාරණයකි. ඔවුන් ඈත අතීතයේ පටන් ම අපූර්ව නිර්මාණ කරන්නට උපන් හපනුන් විය. ඔවුන් ඒ එදා කළ නිර්මාණ,හැකියාවන් හා තාක්ෂණය මිනිස් මොළයෙන්  හා මිනිස් ශ්‍රමයෙන් මෙවැනි විස්මිත නිර්මාණ කරන්න පුළුවන්ද කියලා හිතෙන තරමටම,ඒ නිර්මාණ විශ්මිත නිර්මාණ බවට පත්වෙලා තිබෙනවා. එවන් වූ විශ්මිත නිර්මාණ ලෝකයේ බොහෝ තැන්වල අදටත් දකින්න තියෙනවා.මේ නිසා වර්තමානයේදී අවසන් වරට අලුතින් ලෝක පුදුම හතක් නම් කරලා තියෙන්නේ  අන්තර්ජාලය හා දුරකථන මගින් කරන ලද ලෝක ජනමත විමසුමක් අනුව තමයි  2007 ජුලි 07 වන දින පෘතුගාලයේ ලිස්බන් නුවරදී තමයි මෙය ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ. අංක  01. චීන මහා ප්රාකාරය චීන මහා ප්‍රාකාරය කියන්නෙ චීනයේ ඓතිහාසික උතුරු දේශසීමා හරහා චීන රාජ්‍යයන් සහ අධිරාජ්‍යයන්ගේ භූමි ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම සඳහා  ඉදිකරන ලද බලකොටු පද්ධති මාලාවක සාමූහික නාමයකට තමයි . පුරාණ චීන රාජ්‍යයන් විසින් ක්‍රි.පූ 7 වන සියවසේ දී   බිත්ති කිහිපයක් ඉදිකරල තියෙනවා.අදටත්  බිත්තියේ සුළු ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා.  පසුකාලීනව, බොහෝ රාජවංශයන් විසින් දේශසීමා බිත්ති විශාල ප්‍රමාණයක් ඉදිකර පවත්වා ගෙනගොස් තිබෙනවා.  බිත්තියේ වඩාත්ම ප්‍රසිද්ධ කොටස් ඉදිකර ඇත්තේ මින්ග් රාජවංශය විසිනි ඒ  1368 ත් 1644 ත් අතර කාලයේදියි. ආරක්‍ෂාවට අමතරව, මහා ප්‍රාකාරයේ වෙනත් අරමුණු සඳහා දේශසීමා පාලනයන් ඇතුළත් වන අතර ද සේද මාවත ඔස්සේ ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට ද, වෙළඳාම නියාමනය කිරීම හා  දිරිගැන්වීම සහ සංක්‍රමණ සහ සංක්‍රමණ පාලනය කිරීමටද යොදාගෙන තිබෙනවා . තවද, මුර කුළුණු, හමුදා බැරැක්ක, ආරක්ෂක ස්ථාන, දුම හෝ ගින්නෙන් සංඥා කිරීමේ හැකියාවන් සහ මහා තාප්පයේ මාවත ප්‍රවාහන කොරිඩෝවක් ලෙස ඉදිකිරීම මගින් මහා ප්‍රාකාරයේ ආරක්ෂක ලක්ෂණ ඔවුන් වැඩි දියුණු කර තිබෙනවා. එමෙන්ම චන්ද්‍රයා මතට ගිය විට පෙනෙන එකම මිනිස් නිර්මාණය වන්නේ ද මෙම චීන මහා ප්‍රාකාරය වීම විශේෂත්වයකි. විවිධ රාජවංශ විසින් ඉදිකරන ලද මායිම් බිත්තිවලට විවිධ පාදම් මාලා දැකගත හැක.  ඔවුන් නැගෙනහිරින් ලියෝඩොං සිට බටහිරින් ලොප් විල දක්වාත්, වර්තමාන උතුරේ චීන-රුසියානු දේශ සීමාවේ සිට දකුණේ තාහෝ ගඟ දක්වාත් විහිදේ. මොන්ගෝලියානු පඩිපෙළේ දාරය දළ වශයෙන් නිරූපණය කරන චාපයක් දිගේ. දියුණු තාක්ෂණයන් උපයෝගී කරගනිමින් කරන ලද පුළුල් පුරාවිද්‍යා සමීක්ෂණයකින් නිගමනය කර ඇත්තේ මින්ග් රාජවංශය විසින් ඉදිකරන ලද බිත්ති කිලෝමීටර් 8,850  වන බවයි. මෙ සාදා ඇත්තේ තාප්පයේ කඳු සහ ගංගා වැනි ස්වාභාවික ආරක්ෂක බාධක සැතපුම් 1,387ක් ද යොදාගෙනය. තවත් පුරාවිද්‍යා සමීක්ෂණයකින් හෙළි වූයේ එහි සියලුම ශාඛා සහිත මුළු බිත්තියම කිලෝමීටර් 21,196 ද එය  සැතපුම් වලින් 13,171 ක් වන බවයි. අද මේ මහා පවුරේ ආරක්ෂක පද්ධතිය සාමාන්‍යයෙන් ඉතිහාසයේ වඩාත්ම ආකර්ෂණීය වාස්තු විද්‍යාත්මක ජයග්‍රහණයන්ගෙන් එකක් ලෙස පිළිගැනේ. 02. බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝහි විමුක්තිදායක ක්‍රිස්තු ප්‍රතිමාව ලෝකයේ මහා පුදුම වලින් එකක් ලෙස අලුතින් නම් කොට ඇති ක්‍රිස්තු තුමන්ගේ ප්‍රතිමාව මේ නගරයේ මීටර 690ක් උසැති කොර්කොවාඩො කන්ද මත වරායට මුහුණ ලා ඉදිකරල තියෙන්නේ. එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයට පිවිසෙන කාගේ වුවද ඇස් එහි වරායේ ඇති නිදහස් ප්‍රතිමාව වෙත යොමුවන ලෙස , රියෝ ද ජැනීරෝ නගරයට පිවිසෙන කාගේත් ඇස්වලට එකවරම හසුවන පරිදි මේ ප්‍රතිමාව පිහිටවලා තියෙනවා. නගරයට පිවිසෙන අය දයාවෙන්, කරුණාවෙන් ආශිර්වාද කොට සාදරයෙන් පිළිගැනෙන බව ඉන් අර්ථවත් කිරීමට තමයි එහෙම කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම වානේ සහ ක්‍රොන්ක්‍රීට් භාවිතා කොට තනා ඇති මෙම ප්‍රතිමාව පිළිබඳ අමතර තොරතුරු මෙසේය. උස මීටර 38 කි. බර ටොන් 700 කි. විදහා ගත් දෑත අතර දුර මීටර 30 කි. මෙම ප්‍රතිමාවේ  සැලසුම  ප්‍රංශ මූර්ති ශිල්පියකු ව පෝල් ලැන්ඩොව්ස්කි  නම් සැලසුම් ශිල්පියාගේය. මෙම ප්‍රතිමාවේ කොටස සහ එය තැනීමට අවශ්‍යය භාණ්ඩ මේ ස්ථානයට ගෙන ඒමටත්, ඒවා යළි කන්ද මතට රැගෙන යාමටත් රේල් පීලි මත දිවූ දුම්රිය මැදිරි  ට්‍රොලි භාවිතා කරලා තියෙනවා. විවෘත කරන ලද්දේ 1931 ඔක්තෝබර් මස 12 වෙනිදාය. තැනීමට ගතවූ කාලය වසර 5කි. අංක 03. මචු පිච්චු. පීරු රටේ ඉන්කාවරුන්ගේ පෞරාණික නගරය කියලත් මේක හඳුන්වනවා දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු මුදුනෙහි පිහිටා ඇත. ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ඉන්කාවරු විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවකි. මෙය ආගමික නගරයක්ද, සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කදු මුදුනේ සෑදූ නගරයක්ද යන්න නිශ්චිත නිගමනයකට තවමත් එළඹිලා නෑ . ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි සැලකේ. ඉන්කාවරු පීරු රටේ කදුකරයේ සිට ක්‍රි.ව. 1250 දී පමණ එරට අග්නිදිග ප්‍රදේශයේ  පිහිටි කුස්කෝ ප්‍රදේශයට සංක්‍රමණය වු දේශීය ජනතාවකි. උරුම්බා ගංගාව අසබඩ උරුගම්බා මහා කඳුරට ඉහළින් ඇති ඉන්කාවරුන්ට අයත් පෞරාණික බලකොටු නගරය මාචු පිච්චු  යන නමින් හැඳින්වේ. මාචු පිච්චු ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 2400 ක් පමණ ඉහළිනි. මීට අයත් හෙල්මළු සංකීර්ණය වර්ග කි. මි. 13 ක් පුරා පැතිර සිටී. මෙම සංකීර්ණයට අයත් පියගැට 3000කට වැඩි සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ වී තිබේ . එක්සත් ජනපදයේ දේශගවේශක හිරාම් හිරාම් බිංහැම් 1911 දී මාචු පිච්චු පෞරාණික නගරය සොයාගෙන ඊට ඉන්කාවරුන්ගේ මැකී ගිය නගරය යන නාමය තැබීය. විවිධ වර්ගයේ පොදු ගොඩනැගිලි සහ දේවාල 200 කින් පමණ සමන්විත වූ මාචු පිච්චු බළකොටු නගරය ඉදිකොට කුස්කෝ නගරය අලංකාර කරන ලද්දේ පචකුටී රජතුමා විසිනි. මෙහි දක්නට ලැබෙන ගල් කුට්ටි වද්දවා තැනු තාප්ප හා බිත්ති විස්මයජනකය. අද මාචු පිච්චු ලෝක උරුම යටතේ සංරක්ෂණය කොට ඇත. අංක 04.මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය ආදි ‍කොළොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් මෙය නිර්මානය කරන ලද්දකි. ක්‍රිස්තු වර්ෂ 750 සිට ක්‍රිස්තු වර්ෂ 1200 පමණ දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයද මෙය විය. මෙම නගරයේ පිහිටා ඇති මීටර් 24 ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තකි. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් ඇත. පඩි පේළි හතරේ මුළු පඩි ගනන 365කි. වර්ෂයේ දින ගනනට සමාන වීම අවධානයට යොමු විය යුත්තකි. එහි අද පවත්නා ප්‍රධාන නටබුන් අංග මාලිගය යන නමින් හැදින්වෙන කුකුල්කන් නම් සර්ප දෙවිඳුගේ දෙවොල , රණ්විරුවන්ගේ දෙවොල , ග්‍රහලෝක නිරීක්ෂණාගාරයකට අයත් යැයි සිතිය හැකි කැරකෝල් නම් වටකුරු කුලුන, සෙනෝටෙ නම් පූජනීය ළිඳ, පොක්ටාපොක් නම් පූජනීය පන්දු ක්‍රීඩාව පැවැත්වුණු මහා පන්දු පිටිය සහ මුදුනට නැගිය හැකි වන සේ පැති තුනෙහිම පියගැටපේලි සහ මුදුනේ චතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් සහිත කුකුල්කන් දෙවිඳුට කැපවූ මහා හෙල්මළු පිරමිඩය රතු මැදුර, මුව මැදුර සහ තව්සන්ගේ ආරාමය වේ. චීචෙන් ඉට්සා යන නාමයෙහි අරුත ඉට්සා ආදි ‍කොළොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මායාවරුන් විසින් තමයි මෙය නිර්මානය කරල තියෙන්නෙ . ක්‍රිස්තු වර්ෂ 750 සිට ක්‍රිස්තු වර්ෂ 1200 පමණ දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානය වෙලා තියෙන්නෙත් මෙයයි . මෙම නගරයේ පිහිටා ඇති මීටර් 24 ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගන්නවා . එහි සතර අතට විහිදුණු පඩි පේළි 4කි. එක් පඩි පෙළක පඩි 91ක් බැගින් තියෙනවා. පඩි පේළි හතරේ මුළු පඩි ගනන 365ක් වෙනවා.මෙම සංඛ්‍යාව  වර්ෂයේ දින ගනනට සමාන වීම විස්මය දනවන්නකි. චීචෙන් ඉට්සාහි ඇති විස්මයජනකය නිර්මාණ අතර අදත් හොදින් ආරක්ෂා වී ඇති හෙල්මළු පිරමිඩයට ප්‍රධාන තැනක් ලැබේ. එය නිර්මාණය කොට ඇත්තෙ මිසර පිරමිඩවල හැඩය අනුවය. එහෙත් මිසර පිරමිඩ වල නොමැති පියගැට පෙළ  රටාවක් එහි තුන් පැත්තේම තියෙනවා.මෙම  පිරමිඩයේ මස්තයෙහි මිසර ප්‍රිරමීඩයක නොමැති අංගයක් වූ චතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් තිබේ . එය පුද පූජා පැවැත්වුණු පූජා ගෘහයයි. අංක 05. ඉතාලියේ රෝම කොලොසියම ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙය ඉතාමත්  සුවිසල් ප්‍රේක්ෂකාගාරයක් කිව්වොත් නිවැරදියි . එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබිලා තියෙනවා . විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව විස්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බවද සඳහන් වෙනවා. එය රෝමයේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර රෝමානු කතෝලික පල්ලියටද සම්බන්ධකම් ඇත. සෑම සුබ සිකුරාදා දිනකම පාප්තුමා කොලොසියම් අවට ප්‍රදේශයෙන් ආරම්භ වන  “කුරුසියේ මාවත”නමින් පෙරහැරක් ද මෙහෙයවයි. අංක 06. ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය ටජ්මහල් මන්දිරය ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබැක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිරයකි. මෙය තම දේවිය “මුම්ටාස් මහල්” සිහිවීම පිණිස “ෂා ජෙහාන්” නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඉදිකරන ලදී. මෙය ඉන්දියාවේ ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හදුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකණු ලබයි. පර්සියන්, තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වු මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්විය හැක. 1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විය. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය. ටජ්මහල ඉදිකිරීමේදි අධිරජ්‍යාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ස්මාරකය අසල ළිං කැණ ඒවාට ගල් කැබලි පුරවා ස්මාරකයේ අඩිතාලම සකසා ඇත. ඉදිකිරීමේදී පලංචි සඳහා උණගස් වෙනුවට ගඩොල් භාවිතා කර ඇති අතර එය ගැලවීම සඳහාද වසර ගණනක් ගතවූ බව කියැවේ. කිලෝමිටර 15 පමණ දිග බෑවුම් මඟක් ගරුඬ හා අනෙක් ද්‍රව්‍ය ප්‍රවාහනයට විශේෂයෙන් නිර්මාණය කල කරත්ත භාවිතා කර තිබෙන  අතර ඒවා ගොනුන් විසිදෙනෙක් පමණ අදින ලද බව පැවසේ. විශේෂ ලීවර ක්‍රමයක් මඟින් අවශ්‍ය ස්ථානයට අමුද්‍රව්‍ය කොටස් ඔසවා ඇත. ඉදිකිරීම් සඳහා අවශ්‍ය ජලය අසල ඇති ගඟෙන් ලබාගෙන ඇති අතර ඒ සඳහා කඹ හා සතුන් ආධාරයෙන් ක්‍රියා කරන ‍යාන්ත්‍රනයක් යොදාගෙන ඇත. මෙම ජලය මුලින් ටැංකියකට එකතුකර එය නැවත බෙදාහැරීමේ ටැංකියකට යොමුකර ඇත. පසුව එතැන් සිට කුඩා ටැංකි තුනක් හරහා මුලු සංකීර්ණය පුරාවටම ජලය බෙදාහැරීම සිදුකර ඇත. එකල මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත කාලය හා වියදම ගණනය කර ගැනීමට බොහෝ අපහසු වී ඇත. කෙසේ නමුත් එකල මෙය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 32 පමණ වියදම් වී ඇති බව සැළකේ. 07. පෙට්රා (ජෝර්දානය) ක්‍රිස්තු පූර්ව 9 වැන්නේ සිට ක්‍රිස්තු පූර්ව 40 දක්වා රජ කළ 4 වන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අග නුවර පෙට්‍රා නගරයයි. බ‍ටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස්, හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙද මාර්ගයේ වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් පැවැතීම හේතුවෙන් ඉතා දියුණු තත්වයක පැවැති බව පෙනේ. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති පෙට්‍රා නගරය කාන්තාරික දේශගුණික තත්වයන්ට මුහුන දීමට හැකි වන පරිදි නිර්මානය කොට තැබීම විශේෂයකි. එසේම පිහිටි ගලෙහිම නිර්මානය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මානශිල්පයේ සුවිශේෂී ලක්ෂණයකි. රෝස පැහැති පාෂාණයෙන් කරන ලද මීටර් 42ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන්ද හමු වී ඇත.මුහුදු වෙළඳ මාර්ග මතුවීමත් සමඟ පෙට්‍රාහි වැදගත්කම අඩු වූ අතර ක්‍රි:පූ 363 දී පමණ ඇති වූ භූමිකම්පාවකින් පසු බොහෝ ව්‍යුහයන් විනාශ විය. බයිසැන්තියානු යුගයේදී ක්‍රිස්තියානි පල්ලි කිහිපයක් ඉදිකරන ලද නමුත් නගරය දිගින් දිගටම පිරිහී ගිය අතර ඉස්ලාමීය යුගයේ මුල් භාගය වන විට එය අතහැර දමා ගියේ අතළොස්සක් වූ නාමිකයන් හැර. 1812 දී ජොහාන් ලුඩ්විග් බර්ක්හාර්ඩ් විසින් එය නැවත සොයා ගන්නා තෙක් එය ලෝකය නොදන්නා කරුණකි.
Last edited on 21 ජූලි 2021, at 18:00
අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 3.0 යටතේ ඇත.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
භාවිතයේ නියම
වැඩතලය
මුල් පිටුවඅහඹුඅවටපිවිසෙන්නසැකසුම්පරිත්‍යාගවිකිපීඩියා පිළිබඳවියාචනයන්
භාෂාවමුර කරන්නසංස්කරණය