විකිපීඩියා:හැඳින්වීම

උදවු:පටුන
හැඳින්වීම   සංස්කරණය ගැන තවත් උගෙන ගන්න   විකිපීඩියාව ගවේෂණය කරන්න   නිබන්ධනය

විකිපීඩියාව යනු කුමක්ද?

Image of Wikipedia showing the edit link above the page title. Screen readers may show this under the "views" heading.
Click "Edit" to change an article
Editing tutorial for Wikipedia

විකිපීඩියාව යනු එය භාවිතා කරන පිරිස විසින් සහයෝගී ලෙසින් ලියැවෙන නිදහස් විශ්වකෝෂයකි. විකියක් ලෙසින් හැඳින්වෙන එය සහයෝගී රචනය පහසු කරවන පරිදී සැලසුම් කෙරුණු විශේෂිත ගණයේ වෙබ් අඩවියකි. බොහෝ අයවලුන් නිරොතුරුවම විකිපීඩියාව වැඩිදියුණු කරන අතර පැයකට පිටු දහස් ගණනක් තනති. මෙම සියළු වෙනස්කම් ගබඩා වන්නේ ලිපි ඉතිහාස සහ මෑත වෙනස්වීම් තුලය. ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සඳහා, විකිපීඩියාව පිළිබඳ බලන්න.

ඔබට දායකත්වයක් සැපයිය හැක්කේ කෙසේද

සංස්කරණය කිරීමට බිය නොවන්න –සැම පිටුවක්ම පාහේ සංස්කරණය කිරීමට ඕනෑම අයෙකුට හැකි අතර, නිර්භීත වීමට රුකුල් දෙනු ලැබේ! වැඩිදියුණු කොට මීට වඩා හොඳින් ඉදිරිපත් කල හැකි යමක් සොයාගන්න—නිදසුනක් ලෙසින්, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, කියවීමේ පහසුව ගෙන දෙන ලෙස යළි ලිවීම, අන්තර්ගතය එක් කිරීම, හෝ වැඩදායක-නොවන සංස්කරණ ඉවත් කිරීම. අළුත් කරුණු එක්කිරීමට ඔබ රිසි නම්, ඒවා සත්‍යාපනය කල හැකි වීමට හැකි වන පරිදී ආශ්‍රයන් එක් කිරීමට උත්සුක වීම , හෝ ලිපියෙහි සාකච්ඡා පිටුව අනුසාරයෙන් එවැනි ආශ්‍රයන් යෝජනා කිරීම හෝ සිදු කිරීමට කාරුණික වන්න. මතභේදකාරී මාතෘකාවන් වෙත සහ විකිපීඩියාවේ මුල් පිටු සඳහා සිදුකෙරෙන වෙනස්කම් පළමුවෙන් සාකච්ඡා කොට සිදුකල යුතු වෙයි.

මතක තබාගන්න – ඔබට විකිපීඩියාව අබලි කල නොහැක; සියළු සංස්කරණයන් ආපස්සට අවලංගු කිරීම, නිවරද කිරීම හෝ වැඩිදියුණු කිරීම පසු කලෙක සිදු කල හැක. විකිපීඩියාව අඩුපාඩුකම් සහිත වීම උපේක්ෂාවෙන් සලකා සිටිමු. එබැවින් ඉදිරියට යන්න, ලිපියක් සංස්කරණය කොට, අන්තර්ජාලයෙහි විශිෂ්ටතම තොරතුරු මූලාශ්‍රය බවට විකිපීඩියාව පත් කිරීමට උදවු වන්න!

අනුග්‍රහය සපයන්න – විකිපීඩියාව නිදහසේ භාවිතා කල හැකි වුවද, අනුග්‍රහයන් හා ප්‍රදානයන් මත යැපෙයි. වම් පසෙහි දැක්වෙන පරිත්‍යාග බැඳිය භාවිතා කර අනුග්‍රහය දැක්වීමට කාරුණික වීමෙන් ව්‍යාපෘතිය පවත්වාගෙන යෑමට සහ පුළුල් කිරීමට අවශ්‍ය වියදම් සපයාගැනුමට උපකාරී වන්න.

දැන්මම සංස්කරණය කිරීමට උත්සාහ නොකරන්නේ ඇයි?

  1. පරික්ෂණ සංස්කරණ සිදු කල හැකි තැනක් වන වැලිපිල්ල සංස්කරණය කිරීමට, මෙහි ක්ලික් කරන්න. (එහි දැනටමත් පෙළක් පවතියි නම්, එම පෙළ අගට එක් කරන්න .)
  2. කිසියම් පෙළක් ටයිප් කරන්න.
  3. ඔබගේ වෙනස් කම් පරික්ෂා කිරීමට පෙරදසුන පෙන්වන්න ඔබන්න, නැතිනම් එය පිළිබඳ ඔබ සෑහීමට පත් වෙයි නම් පිටුව සුරකින්න ඔබන්න.
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:හැඳින්වීම&oldid=406436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි