විකිපීඩියා සාකච්ඡාව:පොදු වියාචනය
විකිපීඩියා වෙතින්
යුප්‍රටීස් - ටයිග්‍රීස් නිම්න ශිෂ්ටාචාරය
යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා නිම්න ප්‍රදේශ එකල මෙසපොතේමියාව ලෙස හැඳින්වුණු වර්තමාන ඉරාකයයි. මැදපෙරදිග රටවල වර්තමාන තොරතුරු වාර්තා කරන රූපවාහිනිය සහ අනිකුත් මාධ්‍ය නිතරම පාහේ ඉරාකය ගැන සඳහන් කරයි .අද දේශපාලනික හා ආර්ථික වශයෙන් අවුල් සහගත තත්වයට පත්ව ඇති මේ රට අවුරුදු 3000 ට පෙර හැදින්වූයේ ශිෂ්ටාචාරයේ තොටිල්ල සහ සශ්‍රීකභාවයේ චන්ද්‍රවංශය යන නම් වලින් බව ඇසීමෙන් ඔබ පුදුම වනු ඇත.
● පිහිටීම හා ව්‍යාපෘතිය
යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්න ශිෂ්ටාචාර ව්‍යාප්තව තිබුණි .බොහෝ දුරට වර්තමාන ඉරාක දේශයට අයත් භූමි භාගයෙන් බව ඉහත කීවෙමු .එනම් පර්සියානු බොක්ක ගලාබසින යුප්‍රටීස් සහ ටයිග්‍රීස් යන ගංගා තොට ප්‍රදේශයේය. මේ ප්‍රදේශයේ එකල හැදින්වූයේ මෙසපොතේමියාව යන නමිනි .එහි අර්ථය දෙගංමැදිය යන්නයි.
● පාලන ක්‍රමය
ඉරිඩු,නිපුර්,උරුක්,ඌර් යනාදිය මෙහි පැවති නගර වේ .නගර මහ නගර බවටද,මහනගර රාජ්‍යයක් බවට ද ,ක්‍රමයෙන් වර්ධනය විය. කල්යාමේදී රාජාණ්ඩු පාලන ක්‍රමයක් බිහි විය. රජු රටේ නායකයා විය .ඔහුට රට පාලනය කිරීමට දෙවියන්ගෙන් බලය පැවරී ඇතැයි විශ්වාස කෙරිණි. සුමේරියාවේ කැටයමක හමුරාබි රජුට ෂමාෂ් නම් ඉරු දෙවියන්ගෙන් මුද්දක් ද, යෂ්ටියක්ද ප්‍රදානය කරන ආකාරය නිරූපනය කෙරේ. පාලනය කිරීමටත් යුක්තිය පසිඳලීමටත් රජුට දෙවියන් බලය පැවරීම් මේ මගින් සංකේතවත් වූ බව සිතිය හැකිය. සඳ දෙවියන් ඉදිරියේ රජකු පූජාවක් කරන අයුරු නිරූපිත තවත් කැටයමක්ද ඇත. මෙයින් ද නිරූපණය වන්නේ රජු සහ දෙවියන් අතර ඇති සමීප සබඳතාව පිළිබඳ විශ්වාසයයි. පාලනය පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම සොයා ගත්තේ බදු අය කිරීමක් පැවතිණි. මිසපොතේමියාවේ තවත් බදු අය කිරීමක් පැවැතිණි .බදු අය කිරීමට පදනම් වූ සිතියම් පවා සකසා තිබිණි. ඉහත කී හමුරාබි රාජ වංශය යටතේ සංවිධානය වූ රාජ්‍ය පරිපාලනය විධිමත් විය. එය රටේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමට උපකාරි විය. ආකේඩියන් රජෙකු වූ හමුරාබි රජු යුද්ධ වීරයෙකු ද රාජ්‍ය පාලකයෙක්ද නීති විශාරදයකු විය .ඔහු විවිධ ක්‌ෂේත්‍ර සම්බන්ධයෙන් ඇති කළ නීති සංග්‍රහය හමුරාබි ප්‍රඥප්තිය යනුවෙන් හැඳින්වේ. එහි එන එක් ආඥාවක් මෙසේය. "යමකු කෙනෙකුගේ ඇසක් අන්ධ කරයි නම්, ඔහුගේ ඇස ද අන්ධ කළ යුතුය."
● ආර්ථික තොරතුරු
කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය මෙහි ආර්ථික ක්‍රමයේ පදනම විය. අභ්‍යන්තර වෙළදාමද ශිෂ්ටාචාර අතර වෙළදාම ද රටේ ආර්ථික තත්ත්වය රඳා පැවතුණු ප්‍රධාන සාධක විය. ලෝකය ප්‍රථමයෙන්ම මුදල් භාවිත කර ශිෂ්ටාචාරය මෙසපොතේමියාව බව ඔබ දන්නවාද? භාණ්ඩ හුවමාරු ක්‍රමයට වඩා දියුණු ගනුදෙනු ක්‍රමයක් මෙසපොතේමියාව හි පැවති බවට මුදල් භාවිතය සාධකයෙකි .මෙසපොතේමියාවේ විශාල ආගමික ගොඩනැගිලි ද විය. ඌර් නගරයේ පිහිටි ශිගුරාත් ගොඩනැගිල්ල බොහෝ අයගේ විශ්වාසය අනුව ප්‍රධාන ආගමික ගොඩනැගිල්ලකි.
● ආගමික ඇදහිලි හා විශ්වාස
මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම ආගමික ඇදහිලි හා විශ්වාස මිනිස් ජීවිත හා බැඳී පවතී .මනුෂ්‍යයාට තේරුම්ගැනීමට නොහැකි සහ ඔවුන්ට පාලනය කළ නොහැකි බලවේග මනුෂ්‍යයන්ට වඩා ඉහළ හැකියාවක් ඇති අයට පැවරීමේ ප්‍රවණතාවක් අතීතයෙහි විය.එම බලවේග දෙවිවරුන් ලෙස සැලකිණි. මෙසපොතේමියාවේ ද දෙවියන් පිළිබඳ විශ්වාසය සහ ඔවුන්ට පුද පූජා කිරීම එකල පැවති ප්‍රධානතම ඇදහිලි ක්‍රම විය. මාඩුක්, ඉආ,සින් සහ ෂමාෂ් එකල ජනප්‍රිය දෙවිවරු වූහ. සඳු දෙවියන් සහ හිරු දෙවියන් දිගු රැවුලක් ඇති බුද්ධිමත් අයගේ ස්වරූපයෙන් කැටයම් කර ඇත .හිරුට,අහසට,පොළොවට, ස්වර්ගයට,මුහුදට හා සුළඟට අධිපති දෙවිවරු වූහ. එස්තර් නමින් දේවතාවියක ද වන්දනාමානයට පාත්‍ර වී ඇත. සෑම පුද්ගලයකු සඳහාම එක් පෞද්ගලික දෙවියෙක් ද විය. මිනිසාගේ ගැලවීම ඇත්තේ මේ දෙවියන් මත බව විශ්වාස කෙරිණි. දෙවියන් හා මිනිසුන් අතර සබඳතා පවත්වන පූජකයෝ වූහ .ශිගුරාත් වැනි විශාල ආගමික ගොඩනැඟිලි ද විය.
● ලේඛන කලාව
වෙනත් බොහෝ කලාවන් මෙන් ලේඛන කලාව ද ආරම්භ වන්නට ඇත්තේ මෙසපොතේමියාවේ යැයි විශ්වාස කරනු ලැබේ. ආරම්භයේ දී ලිවීම කර ඇත්තේ තෙත මැටි පුවරුවල කූඤ්ඤ අක්ෂර නමින් හඳුන්වන ලබන එම අක්ෂර ඉරි කැබලි වලින් නිර්මාණය කර ඇත. මේවා රූපාක්ෂර යන නමින්ද හැදින්වීම සුදුසුය .කිසියම් සංකේතයකින් වචනයක් අදහස් කෙරේ. උදා: • තරු - දෙවියෝ යන්න
• පා සලකුණ - ගමන් කිරීම යන්න අදහස් කර ඇත. මෙම රූපාක්ෂර සංකේත හයසියයක් පමණ වෙයි. ශතවර්ෂ කිහිපයකට පසු ලිවීම සඳහා පැපිරස් පත්‍ර භාවිතා කිරීම නිසා මැටි ඵලක වල ලිවීම අභාවයට ගියේය. නිපූර් නගරයේ දේවාලයක මැටි පුවරු ලේඛන විශාල ප්‍රමාණයක් රැස් කර තිබිණි. මෙය ලෝකයේ ප්‍රථම පුස්තකාලය ලෙස සැලකිය හැක.
● විද්‍යාව හා තාක්ෂණය
මෙහි රූපයෙන් දැක්වෙන්නේ මෙසපොතේමියාවේ ඵලකයක ඇති ජ්‍යාමිතික රූපයකි. අද අප අංක දහය දක්වා යොදා ගන්නා ගණිත ක්‍රම අංක 60 දක්වා යොදාගෙන තිබිණි. ක්ෂේත්‍රයක වටිනාකම බැලීමට තරම් එකල ගණිත ක්‍රම වර්ධනය වී පැවති බව කියැවේ .දින දර්ශනය ද මෙසපොතේමියාවේ නිර්මාණයක වූයෙකි. එය ගොවිතැන් සදහා සුදුසු කාලය දැන ගැනීමට භාවිතා කරන ලදී .ලෝකයේ ප්‍රථම සිතියම් ද සකසන ලද්දේ මෙසපොතේමියාවේ ය. මැටි පුවරු වල ඇති මෙම සිතියම් බදු අය කිරීම් සඳහා ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සැලකේ. රෝදය සොයා ගැනුණේ ද මෙසපොතේමියාවේහිය .යුද්ධ කටයුතු සඳහා රථ දැමීමට ද ,බර ඇදීම සඳහා කරත්ත තැනීමට ද මේ රෝදය යොදාගෙන ඇති බව පෙනේ .රෝද දෙකක් යෙදූ රථ නිපදවීමට මෙන්ම යුගයේදීම මෙසපොතේමියාවේ සිදුවිය. ගොඩනැගිලි ඉංජිනේරුවකු විසින් ගලක ඇඳ ඇති දේවාලයක සැලැස්ම ලොව ප්‍රථම ගොඩනැගිලි සැලැස්ම විය හැකිය.
● වෛද්‍ය විද්‍යාව
මෙසපොතේමියාවේ වෛද්‍ය විද්‍යාව ද දේව, යක්ෂ, භූත විශ්වාසය සමඟ අත්වැල් බැඳගෙන පැවතිණි. සිහින පවා විශ්ලේෂණය කිරීමේ සිරිතක් පැවතිනි .රෝග සුවකිරීමේ මිථ්‍යා බලය ගැන විශ්වාසය පැවතිණි. එසේම ලෙඩ සුව කිරීමට දෙන බෙහෙත් වර්ග 600 කට වඩා සදහන් වේ. පැළෑටි,ගස්,මුල්,ඇට වර්ග සහ ඛනිජ ද්‍රව්‍ය යොදා මෙම බෙහෙත් සාදා තිබේ .පිලිස්සීම් සඳහා සිනිඳු ආලේපන භාවිත කොට ඇත.
● සංස්කෘතිය
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය හා බැඳුණු ගොඩනැගිලි ප්‍රතිමා කැටයම් ආදී කලා ශිල්ප ස්වල්පයක් ගැන මෙහිදී සාකච්ඡා කරමු . පැරණි ලෝකයේ තිබූ පුදුම හතක් ගැන පොත පතෙහි සඳහන් කර ඇත. මේවා මොනවාදැයි ඔබට කිව හැකිද? පහත රූපයේ දැක්වෙන්නේ ඉන් එක් පුදුමයක් වෙන එල්ලෙන උද්‍යානය චිත්‍රයට නගා ඇති අයුරුයි. මෙම ලෝක පුදුමය පිහිටියේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් බැබිලෝනියාවේ ය .මෙය තට්ටු හතක් ඇති මාලිගා රාශියකින් යුත් ගෘහ නිර්මාණ සංකීර්ණයකි. මෙසපොතේමියාවේ ගෘහ නිර්මාණය ගැන සාකච්ඡා කරන හැම විටම ශිගුරාත් ගොඩනැගිල්ල ගැන සාකච්ඡා කෙරේ.
● ප්‍රතිමා
ගෞඩියා රජුගේ ප්‍රතිමාව නෙළා ඇත්තේ තද කළු ගලෙනි. එහෙත් එහි මුහුණේ ඉරියව් කෙතරම් ප්‍රාණවත් ස්වභාවයක් ගන්නා දැයි බලන්න .ඔහුගේ මුහුණේ ඇති තේජවන්ත භාවය එහිලා අපූරු ලෙස නිර්මාණය කර ඇත.
● කැටයම්
ඉතා විසිතුරු ලෙස කැටයම් කරන ලද පළක ඇත. ඒවායේ නිරූපිත ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ දේහ ලක්ෂණ යථාරූපී ලෙස මූර්තිමත් කිරීමට එකල කලා කරුවා සමත් වී තිබේ.
හොයන්න
මේ පිටුව අන්තිමට සැකසුවේ 24 මාර්තු 2021 දින දී, 18:25 වේලාවෙහිදීය.
ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
ජංගම දසුන
දියුණුකරන්නෝ
සංඛ්‍යාන දත්ත
කුකි ප්‍රකාශය
සාකච්ඡාවදායකත්වයන්ගිණුමක් තනන්නපිවිසෙන්න
ව්‍යාපෘති පිටුවසාකච්ඡාව
කියවන්නප්‍රභව කේත සංස්කරණය කරන්නමාතෘකාවක් එක්කරන්නඉතිහාසය බලන්න
මුල් පිටුව‍ට යන්නමුල් පිටුවප්‍රජා ද්වාරයකාලීන සිදුවීම්මෑත වෙනස්කිරීම්අහඹු පිටුවඋදව්පරිත්‍යාගමෙතනට සබැඳෙන්නේ කුමක්දසහසම්බන්ධිත වෙනස්වීම්විශේෂ පිටුස්ථාවර සබැඳුමපිටුවේ තොරතුරුපොතක් නිර්මාණය කරන්නPDF ලෙස බාගතකරන්නමුද්‍රණ ආකෘතිය