උදවු:පරිවර්තනය

This page is a translated version of the page Help:Translation and the translation is 95% complete.
Outdated translations are marked like this.

හැකිතාක් භාෂා මධ්‍යස්ථ ලෙස ජීවිවිශේෂවිකි තබා ගැනීමට අප උත්සාහ කරන බව කරුණාවෙන් සලකන්න. කෙසේ වෙතත් ජීවිවිශේෂවිකියෙහි පරිවර්තන දිගුවක් ස්ථාපනය කර ඇති අතර, උපකාරක සහ මාර්ගෝපදේශ පිටු පරිවර්තනය කිරීමට ඔබට සාදරයෙන් පිළිගනිමු.

පහත නාම අවකාශයන් තුළ ඇති සියලුම පිටු තිබේ:

  • ජීවවිශේෂවිකි: (Wikispecies)
  • උදවු: (Help)
  • මීඩියාවිකි: (MediaWiki)
  • සැකිල්ල: (Template)

සමහර භාෂා වල එය සාමාන්‍ය අක්ෂර වින්‍යාසයක් වුවද - විශේෂයෙන් ප්‍රංශ - කරුණාකර MediaWiki තාක්ෂණික හේතූන් මත, නාම අවකාශයේ නම් කිරීම සහ දෙතිත අතර හිස් ඉඩක් නොතිබිය යුතු බව කරුණාවෙන් සලකන්න. එබැවින් කරුණාකර උදා. Help : නොව Help: භාවිත කරන්න.

උදව් කරන්නේ කෙසේද

  • ඔබ පරිවර්තනය සඳහා පිටු සලකුණු කිරීමෙන් උදව් කළ හැක. නිබන්ධනය මෙහි ඇත. පරිවර්තන පරිපාලකයන් විසින් පිටුවේ පරිවර්තන හැකියාව ක්‍රියාත්මක කරනු ඇත.
  • පිටුවේ ඉහල Translate this page ලෙස සටහන්ව ඇති පිටු ඔබට පරිවර්තනය කළ හැක. එමෙන්ම විශේෂ:පරිවර්තනය සහ විශේෂ:පිටු පරිවර්තනය හරහා පරිවර්තන සිදුකළ හැක.
  • ඔබට ඉහත සඳහන් නාමඅවකාශ සහිත පිටු වෙත යොමු වන්න සියලු සබඳතා Special:MyLanguage/ හරහා එක් කළ හැකිය මෙම සබැඳිය මගින් පරිශීලකයා ඔහුගේ භාෂාවෙන් ඇති පිටුවේ අනුවාදය සඳහා නැවත හරවා යවනු ඇත.
    උදාහරණය: [[Wikispecies:Policy|Policy]] යන්න [[Special:MyLanguage/Wikispecies:Policy|Policy]] ලෙස ප්‍රතිස්ථාපනය කරන්න.
    [[Wikispecies:Policy]] වැනි අවස්ථා සඳහා නල බෙදුම්කරුවෙකු ("|") පසුව මුල් සබැඳිය සමඟ නැවත එකතු කරන්න, මේ වගේ: [[Special:MyLanguage/Wikispecies:Policy|Wikispecies:Policy]]
  • අපගේ බොහෝ ලිපිවල තනි තනි කොන්දේසි සඳහා අතුරු මුහුණත පරිවර්තනය කිරීමට උදවු කිරීමට ජීවවිශේෂවිකි:දේශීයකරණය වෙත පිවිසෙන්න.
  • පරිවර්තනය අවශ්‍ය "පණිවිඩ කාණ්ඩය" සොයා ගැනීමේදී භාෂා සංඛ්‍යාලේඛන පිටුව ප්‍රයෝජනවත් විය හැක. ඔබ කැමති ISO 639 භාෂා කේතය ඇතුලත් කර "Show statistics" බොත්තම ක්ලික් කරන්න, එවිට ඔබට එක් එක් පණිවිඩ කාණ්ඩය සඳහා සම්පූර්ණ කරන ලද පරිවර්තන ප්‍රතිශතය, ඒවායේ අදාළ පරිවර්තනය පිටුවලට සෘජු සබැඳියක් සමඟ ඉදිරිපත් කරනු ඇත.
  • ප්‍රශ්න? කරුණාකර පරිවර්තන පරිපාලකයන්ගේ දැන්වීම් පුවරුව භාවිතා කරන්න.